හිම කඳු පිසගෙන හමනා මදනල නිල් බෝ පත් සොළවන්න ඇති
නිකෙලෙස් සිත් ඇති සගමිත් තෙරණිය බෝ රජු ගෙන පැමිනෙන්න ඇති
අහසේ පායන පුන්චි තාරකා ශාන්ත එළි විහිදන්න ඇති
ඒ තරු එළියෙන් බෝ රජු පුද දී තාරකාවො සැනහෙන්න ඇති
සාමයෙ බුදු රජු පිට දුන් බෝධිය දුටු ලක් රජු තුටු වෙන්න ඇති
උඳුවප් මාසේ සීතල සුළගද බුදු සුවඳම විහිදන්න ඇති....
මහමෙව්නාව කැලිෆෝනියා අසපුවේ ෆේස්බුක් එකෙන් උපුටා ගත්තකි.
